Computer System පරිගණක පද්ධතිය

Computer System (පරිගණක පද්ධතිය)

පරිගණක පද්ධතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ

  1. දෘඩාංග (Hardware)
  2. මෘදුකාංග (Software)

Hardware (දෘඩාංග) – පරිගණකයක භෞතික වශයෙන් තිබෙන කොටස්, ස්පර්ශ කර බැලිය හැකි කොටස් දෘඩාංග ලෙස හදුන්වයි. උදා – Keyboard, Mouse, RAM, Mother Board, Hard Disk, VGA Card..etc

Software (මෘදුකාංග) – භෞතික වශයෙන් දැක ගත නොහැකි, ස්පර්ශ කල නොහැකි කොටස් මෘදුකාංග ලෙස හදුන්වයි. සියළුම පරිගණක වැඩසටහන් මේ ගනයට අයත් වේ.

Hardware (දෘඩාංග) –

Hardware කොටස් කිහිපයකි.

1. මධ්‍යම සැකසුම් ඒකකය (Central Processing Unit – CPU) / සකසනය (Processor)

පරිගණකයේ දත්ත සැකසීම සදහා භාවිතා කරන ප්‍රධානම උපාංගය වන්නේ සකසනයයි (Processor). සාමාන්‍යෙයන් අප භාවිතා කරල පුද්ගල පරිගණක වල Micro Processor ලෙස හදුන්වන්නේ මෙම උපාංගයයි. මෙහි දත්ත සැකසීමේ වේගය Hz (Hertz) හර්ට්ස් වලින් මනිනු ලැබේ. මෙය පරිගණකයේ මොළය ලෙස හැදින්වීමට පුළුවන. සකසනයක කොටස් දෙකකි.

a.) CU –  Control Unit (පාලන ඒකකය)

මේ මගින් පරිගණකයේ දත්ත සැකසීම ඇතුළු සියළු උපාංග පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරයි.

b.) ALU – Arithmetic & Logic Unit (ගණිතමය සහ තර්කන ඒකකය)

මේ මගින් පරිගණකය තුල සිදු වන ගණිතමට සහ තර්කන ක්‍රියා සිදු කරයි.

2. ප්‍රධාන මතකය (Main Memory)

සකසනයට ඇතුලත් කරන දත්ත හෝ ඉන් පිටකරන දත්ත තාවකාලිකව ගබඩා කර තබා ගැනීම ප්‍රධාන මතකයෙන් සිදු වේ. මෙය තාවකාලික මතකයක් බැවින් පරිගණකයේ විදුලිය විසන්ධි කල විට මෙහි ඇති තොරතුරු ඉවත්වෙයි.

3. Input Device (ආදාන උපක්‍රම) 

පරිගණකයට දත්ත ඇතුලත් කිරීම සදහා යොදා ගන්නා උපාංග මේ නමින් හදුන්වයි.

  1. Keyboard
  2. Mouse
  3. Scanner
  4. Microphone

4. Output Device (ප්‍රතිදාන උපක්‍රම)

පරිගණකයෙන් සැකසු දත්ත පිටතට ලබා දීම සදහා යොදා ගන්නා උපාංග මේ නමින් හදුන්වයි.

  1. Monitor
  2. Printer
  3. Speakers

මෘදුකාංග (Software)

පරිගණක භාෂාවකින් ලියන ලද විධාන සමූහයක් හෙවත් උපදෙස් මාලාවක් මෘදුකාංගයක් ලෙස හදුන්වයි. මේවා පරිගකයේ සියළුම ක්‍රියාවන් පාලනය කිරීම සදහා යොදා ගන්නා පරිගණක භාවිතයෙන් පරිශීලකයාට අවශ්‍ය කාර්යන් ඉටු කර දෙන්නේද මෘදුකාංග මගිනි. Hard Disk, Pen Drive, CD/DVD, Memory Chip ආදියෙහි මේවා ගබඩා කර තැබිය හැකිය. පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මෘදුකාංග ගබඩා කර තබන්නේ දෘඩ තැටියේය. (Hard Disk)

මෘදුකාංග වර්ග 02 කි.

a.) පද්ධති මෘදුකාංග (System Software)

පරිගණකයේ සියළුම දෘඩාංග හා අනෙකුත් මෘදුකාංග පාලනය කිරීම මෙම මෘදුකාංග මකින් සිදු කරයි. එමෙන්ම. දෘඩාංග කොටසක් පරිගණකයට සම්බන්ධ කිරීමේදී අතර මැදියෙකු ලෙසින් ක්‍රියාත්මක වන්නේද පද්ධති මෘදුකාංගයි.

උදා –  මෙහෙයුම් පද්ධතිය (Operating System) – මෙය පරිගණයේ ප්‍රධානම මෘදුකාංගය වේ.

b.) යෙදවුම් මෘදුකාංග (Application Software)

යම් කිසි විශේෂ කාර්යයක් පරිගණයෙන් සිදු කර ගැනීම සදහා නිපදවා ඇති මෘදු කාංග මේ නමින් හදුන්වයි. මේවා ක්‍රියාත්මක වීමට අදාල පරිගණයේ පද්ධති මෘදුකාංග තිබීම අත්‍යාවශ්‍ය වේ.
උදා –
වදන් සැකසීමට (ලිපි ලේඛණ ආදිය සැකසීමට) Microsoft Word
පැතුරුම්පත් (විවිධ ගණනය කිරීම් සිදුකිරීමට) Microsoft Excel
ජායාරෑප සංස්කරණයට Adobe Photoshop