Computer History – පරිගණකයේ ඉතිහාසය

Computer History (පරිගණකයේ ඉතිහාසය)

තොරතුරු සැකසීමේ යන්ත්‍රයක් ලෙස පරිගණකය සරලව හැඳින්විය හැකිය. වර්තමානයේ දක්නට ලැබෙන පරිගණකයේ මූලාරම්භයට හේතු වූයේ ඝනක යන්ත්‍රයයි. (Calculator). මිනිසා තම ගණනය කිරීමේ අවශ්‍යතාවයන් වේගවත්ව සිදු කර ගැනීම සඳහා ඝනක යන්ත්‍රය නිර්මාණය කර ගන්නා ලදී. පසුව එය වර්තමාන පරිගණකයට මූලික අඩිතාලම සපයන ලදී.

ගණක යන්ත්‍රය නිපදවීමටත් ප්‍රථම මිනිසා ගණනය කිරීම් සදහා යොදා ගත්තේ ගණක රාමුව නොහොත් ඇබකසය (Abacus) නම් මෙම උපකරණයයි.

ඝනක යන්ත්‍රය – (Calculator)

ඝනක යන්ත්‍රයක් පිළිබඳ මූලික අදහස ලෝ සුපතල චිත්‍ර ශිල්පියෙකු වූ ලියනාඩෝ ඩාවින්සි (Leonardo De Vince) (1452 – 1519) විසින් ඉදිරිපත් කරන ලදී.

එයින් වසර 150 කට පමණ පසුව Pascaline නැමති සරල ගණක යන්ත්‍රයක් බ්ලෙයිස් පැස්කල් නැමති ගණිතඥයා විසින් නිපදවන ලදී. නමුත් මෙය සාර්ථක උපකරණයක් නොවීය

Designed by French mathematician Blaise Pascal in 1642, it was the world’s first mechanical calculator.

1834 දී පමණ කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්යවරයෙකු වූ චාර්ල්ස් බැබේජ් (Charles Babbage) විසින් ගණක යන්ත්‍රයක් නිර්මාණය කරන ලදී. මෙය පාපන්දු පිටියක් තරම් විශාල වූ අතර දුම්රිය ඇන්ජිමකින් විදුලිය සපයා ඇත. මෙයට සංඛ්‍යා එකතු කිරීම, අඩු කිරීම, බෙදීම හා ගුණ කිරීම සිදු කල හැකිය. මිනිත්තුවට ගණනය කිරීම් 60 ක් පමණ සිදු කල මෙය ලෝකයේ පළමු ප්‍රාථමික පරිගණකය ලෙස සැලකේ. එබැවින් චාර්ල්ස් බැබේජ් “පරිගණකයේ පියා” ලෙසින්ද හඳුන්වයි.

1944 දී Mark 1 නැමති ස්වයංක්‍රීය ඝනක යන්ත්‍රය නිලදවන ලදී. මෙය වර්තමාන පරිගණකයට මදක් සමාන විය. මෙහි බර 5000Kg පමණ වූ අතර, මෙයට භාවිතා කරන ලද වයර වල මුළු දිග සැතපුම් 500 ක් (කි.මී. 800) පමණ විය.

1946 දී වර්තමාන පරිගණකයට බොහෝ සෙයින් සමාන පරිගණකයක් ජෝන් වොන් නියුමාන් (John Von Newmaan) නැමති විද්‍යාඥයා විසින් නිපදවන ලදී. මෙයට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හා ගබඩා කර ගැනීමට හැකියාව තිබුණි. මෙය පෙර නිපදවූ යන්ත්‍ර වලට වඩා වේගයෙන් යුක්ත වූ අතර තත්පරයකදී ගණනය කිරීම් දහසක් පමණ සිදු කරන ලදී. පළමු ඉලෙක්ට්‍රෝනික පරිගණකය ලෙස සැලකෙන්නේ මෙම පරිගණකයයි.

මින්පසු කාලය පරිගණක පරම්පරා කිහිපයකට බෙදේ.

පළමු පරම්පරාවේ පරිගණක

ලක්ෂණ –

  • 1946 – 1959 කාලය තුල නිපදවූ පරිගණක මෙම පරම්පරාවට අයත් වේ.
  • මේවායේ ප්‍රමාණය ඉතා විශාලය
  • නිෂ්පාදන වියදම අධිකය.
  • ඉතාම පිරිසිදු, වායු සමනය කල කාමර තුල තැබිය යුතු විය.
  • නඩත්තු වියදම ද ඉතා අධික විය.
  • මෙම පරිගණකයේ පරිපථ සඳහා වෑල්ව් (Valve/ Vacuum Tube) නම් උපකරණය යොදා ගන්නා ලදී. පරිගණකයේ ප්‍රමාණය විශාල වීමට හේතුව වූයේ මෙයයි.
  • අධික විදුලි පරිභෝජණයක් සිදු කරයි.
  • වේගය සහ ගබඩා කල හැකි දත්ත ප්‍රමාණය අඩුය.
  • ඉහත දුර්වලතාවයන් නිසා මෙය එතරම් ජනප්‍රිය වූයේ නැත. එබැවින් 1955 දී මීට වඩා ක්‍රියාකාරීත්වයෙන් වැඩි පරිගණකයක් නිපද විය.

Vacuum Tube (Valve)

දෙවන පරම්පරාවේ පරිගණක

ලක්ෂණ-

  • 1955 – 1964 කාලය තුල නිපදවූ පරිගණක මෙම පරම්පරාවට අයත් වේ.
  • ට්‍රාන්සිස්ටරය (Transistor) සොයා ගැනීමෙන් පසු මෙම පරම්පරාවේ පරිගණක නිර්මාණය විය.
  • වෑල්ව (Valve) සදහා ආදේශකයක් ලෙස ට්‍රාන්සිස්ටර් යොදා ගැනීම නිසා පරිගණකය ප්‍රමාණයෙන් කුඩා විය.
  • විදුලි පරිභෝජණයද අඩු විය.
  • ධාරිතාවය සහ වේගය පළමු පරම්පරාවේ පරිගණක වලට වඩා වැඩිය.
  • මේවා පළමු පරම්පරාවේ පරිගණක වලට වඩා ජනප්‍රිය විය.
  • මෙම පරිගණක වල ප්‍රථම මෙහෙයුම් පද්ධතිය (Operating System) කොබෝල් (Cobol) හා ෆෝට්ට්‍රොන් (Fortran) යන භාෂා වලින් ලියා තිබිණි.

තුන්වන පරම්පරාවේ පරිගණක

ලක්ෂණ –

  • 1965 – 1975 කාලය තුල නිපදවූ පරිගණක මෙම පරම්පරාවට අයත් වේ.
  • සංගෘහිත පරිපථ (Integrated Circuit – IC) නිපදවීමත් සමග මෙම පරම්පරාවේ පරිගණක නිර්මාණය විය.
  • ට්‍රාන්සිස්ටර (Transistor), ඩයෝඩ (Diode) හා කැපෑසිටර්  (Capacitor) විශාල ප්‍රමාණයක් අඩංගු කර සංගෘහිත පරිපථ නිර්මාණය කරන අතර, පරිගණක වල ට්‍රාන්සිස්ටර තාක්ෂණය වෙනුවට IC භාවිතා කරන ලදී. එබැවින් පරිගණක මිලෙන් අඩු වූ අතර, විශාලත්වයෙන්ද අඩු විය. කාර්යක්ෂමතාවය වැඩි විය.
  • මෙම පරම්පරාවේදී පරිගණක මතකයන් ලෙස මෙතෙක් භාවිතා කල ටේප් (Magnetic Tape) වෙනුවට  අර්ධ සන්නායක වලින් නිපදවූ සංගෘහිත පරිපථ ඇතුලත් මතකයන් (Memory) හඳුන්වා දෙන ලදී.
  • මෙතෙක් පැවති පරිගණක වල වරකට ක්‍රියාත්මක කල හැකි වූයේ එක් වැඩසටහනක් පමණක් උවත්, තුන්වන පරම්පරාවේ පරිගණක වලට එකවර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබුණි.

Integrated Circuit – IC

හතරවන පරම්පරාවේ පරිගණක

ලක්ෂණ

  • සංගෘහිත පරිපථ වැඩි දියුණු කිරීමෙන් වඩාත් සංකීර්ණ පරිපථ හෙවත් සැකසුම් (Processor) නිර්මාණය කිරීම නිසා මෙම පරම්පරාවේ පරිගණක නිර්මාණය විය. හතර වන පරම්පරාවේ පරිගණක වල තාක්ෂණය Processor භාවිතා කිරීමයි.
  • එබැවින් මෙම පරම්පරාවේ පරිගණක ප්‍රමාණයෙන් බොහෝ කුඩා වූ අතර, මිල ඉතා විශාල ලෙස අඩුවිය. තවද මේවාගේ වේගය වැඩි විය.
  • තුන්වන පරම්පරාවේ සංගෘහිත පරිපථයක් තුල තාර්කිකි ද්වාර (Logic Gates) 100 ක් ඇතුලත් කරන ලද නමුත් මෙම පරම්පරාවේ සංගෘහිත පරිපථ වල තාර්කික ද්වාර 1000 – 10000 ත් අතර ප්‍රමාණයක් ඇතුලත් කරන ලදී.
  • පරිගණක සඳහා රෑපක අතුරු මුහුණත් (Graphical User Interface – GUI) සහ පරිගණක ජාල (Computer Network) හඳුන්වාදීම මෙම පරම්පරාවේ පරිගණක සමඟ සිදු විය.

<< Back To Home